තුන්වන විජයබාහු රජ
දඹදෙණි රාජධානිය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 1232-1236

තුන්වන විජයබාහු රජ

ක්‍රි.ව. 1232 දී දඹදෙනිය අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් වූ බෝධි වංශික රජෙකි. මායා රට එක්සත් කර එහි දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට ඔහු සමත් විය.

ප්‍රධාන ජයග්‍රහණ

  • බෙලිගල දළදා මාලිගයක් ඉඳි කරවීම
  • රැකවරණය පතා විදේශ ගත වූ භික්ෂූන් වහන්සේලා ආපසු ගෙන්වා ගැනීම
  • දඹදෙනියේ විජයසුන්දරාරාමය නමින් විහාරයක් ඉඳි කරවීම
  • උපසම්පදා මංගල්‍යය යළි පවත්වා සංඝ සංශෝධනයක් කරවීම
  • කැලණිය රජ මහා විහාරය ප්‍රතිසංස්කරණය කරවීම

හැඳින්වීම

තුන්වන විජයබාහු යනු ක්‍රි.ව. 1232 දී දඹදෙනිය අගනගරය බවට පත් කරගෙන රාජ්‍යත්වයට පත් වූ ප්‍රාදේශීය නායකයෙක් සහ බෝධි වංශික කුමරුවෙකි. මාඝගේ ආක්‍රමණයෙන් පසු රටේ පැවති අස්ථාවරත්වය සමනය කරමින්, මායා රට එක්සත් කොට එහි දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට ඔහුට හැකි විය. සමකාලීන මූලාශ්‍රවල තුන්වන විජයබාහු රජතුමාව ‘වන්නි රජු’ හෙවත් ‘වන්නි නිරිඳු’ යනුවෙන් හඳුන්වා ඇත.

රාජ්‍ය සමය සහ ප්‍රධාන සිදුවීම්

තුන්වන විජයබාහු රජු ක්‍රි.ව. 1232 සිට 1236 දක්වා වසර හතරක පමණ කෙටි කාලයක් රාජ්‍ය පාලනය කළේය. ඔහුගේ රාජ්‍ය සමය අතිශයින් වැදගත් වන්නේ මාඝගේ ආක්‍රමණයෙන් පසු බිඳ වැටී තිබූ බෞද්ධ ශාසනය හා රාජ්‍යත්වයේ ගෞරවය යළි නඟා සිටුවීමට ගත් ප්‍රයත්නයන් හේතුවෙනි.

පූජාවලිය නම් වූ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි, මාඝගේ ආක්‍රමණය නිසා කොත්මලේට ගෙන ගොස් පොළොවෙහි නිදන් කර තිබූ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව වැඩමවා ගෙන අවුත් කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වතය මුදුනේ දළදා මාලිගාවක් ඉඳි කර එහි තැන්පත් කරවීමට තුන්වන විජයබාහු රජු කටයුතු කළේය. දළදා වහන්සේ ලබා ගැනීම සිංහාසනයට ඇති උරුමය තහවුරු කරන්නක් ලෙස එකල සැලකින.

සේවාවන් සහ බෞද්ධ පුනරුදය

රජුගේ කෙටි රාජ්‍ය කාලය තුළ ශාසනික හා සමාජයීය සේවාවන් ගණනාවක් සිදු විය:

  • බෙලිගල දළදා මාලිගය කරවීම: බුදුන් වහන්සේගේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව තැන්පත් කිරීම සඳහා බෙලිගල පර්වතය මුදුනේ දළදා මාලිගාවක් ඉදිකරවන ලදී.
  • භික්ෂූන් වහන්සේලා ආපසු ගෙන්වා ගැනීම: රැකවරණය පතා විදේශ ගත වී සිටි භික්ෂූන් වහන්සේලා ආපසු ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගැනුණි.
  • විහාරාරාම ඉදිකිරීම්: දඹදෙනියේ විජයසුන්දරාරාමය නමින් විහාරයක් ඉදිකිරීමට මෙන්ම වත්තල විජයබාහු විහාරය කරවීමට ද රජු දායක විය.
  • සංඝ සංශෝධනය: උපසම්පදා මංගල්‍යය යළි පවත්වා සංඝ සංශෝධනයක් කරවමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පාරිශුද්ධත්වය තහවුරු කළේය.
  • පැරණි විහාර ප්‍රතිසංස්කරණය: කැලණිය රජ මහා විහාරය ප්‍රතිසංස්කරණය කරවීම වැනි පැරණි විහාරස්ථාන නඟා සිටුවීමට කටයුතු කළේය.
  • බෞද්ධ පොත්පත් නැවත ලියවීම: පුරාණ බෞද්ධ පොත්පත් විනාශ වීමෙන් හෝ අතුරුදහන් වීමෙන් වැළැක්වීම සඳහා ඒවා නැවත ලියවා සංරක්ෂණය කිරීමට නියෝග කළේය.

උරුමය

තුන්වන විජයබාහු රජුගේ වසර හතරක රාජ්‍ය කාලයෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1236 දී දඹදෙනි රාජධානියේ බලයට පත් වූයේ ඔහුගේ වැඩිමහල් පුත් දෙවන පරාක්‍රමබාහු රජතුමාය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

2025 වසරේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ පාලිත සිල්වා තුන්වන විජයබාහුගේ චරිතයට පණ පෙවීය.

thunwana wijayabaahu raja

kri.wa. 1232 dhii dhambadheniya aganuwara karagena raajyathwayata path wuu boodhhi wanshika rajeki. maayaa rata eksath kara ehi dheeshapaalana sthhaawarathwayak aethi kiriimata ohu samath wiya.

haendinwiima

thunwana wijayabaahu yanu kri.wa. 1232 dhii dhambadheniya aganagaraya bawata path karagena raajyathwayata path wuu praadheeshiiya naayakayek saha boodhhi wanshika kumaruweki. maaghagee aakramanayen pasu ratee paewathi asthhaawarathwaya samanaya karamin, maayaa rata eksath kota ehi dheeshapaalana sthhaawarathwayak aethi kiriimata ohuta haeki wiya. samakaaliina muulaashrawala thunwana wijayabaahu rajathumaawa 'wanni raju' hewath 'wanni nirindu' yanuwen handunwaa aetha.

raajya samaya saha pradhhaana sidhuwiim

thunwana wijayabaahu raju kri.wa. 1232 sita 1236 dhakwaa wasara hatharaka pamana keti kaalayak raajya paalanaya kaleeya. ohugee raajya samaya athishayin waedhagath wannee maaghagee aakramanayen pasu binda waetii thibuu baudhdhha shaasanaya haa raajyathwayee gaurawaya yali nangaa situwiimata gath prayathnayan heethuweni.

puujaawaliya nam wuu granthhayee sandahan wana paridhi, maaghagee aakramanaya nisaa kothmaleeta gena gos polowehi nidhan kara thibuu budhun wahanseegee dhantha dhhaathuwa haa paathraa dhhaathuwa waedamawaa gena awuth kaegalu dhisthrikkayee beligala parwathaya mudhunee dhaladhaa maaligaawak indi kara ehi thaenpath karawiimata thunwana wijayabaahu raju katayuthu kaleeya. dhaladhaa wahansee labaa gaeniima sinhaasanayata aethi urumaya thahawuru karannak lesa ekala saelakina.

seewaawan saha baudhdhha punarudhaya

rajugee keti raajya kaalaya thula shaasanika haa samaajayiiya seewaawan gananaawak sidhu wiya:

  • beligala dhaladhaa maaligaya karawiima: budhun wahanseegee dhantha dhhaathuwa haa paathraa dhhaathuwa thaenpath kiriima sandahaa beligala parwathaya mudhunee dhaladhaa maaligaawak idhikarawana ladhii.
  • bhikshuun wahanseelaa aapasu genwaa gaeniima: raekawaranaya pathaa widheesha gatha wii siti bhikshuun wahanseelaa aapasu lankaawata genwaa gaeniimata piyawara gaenuni.
  • wihaaraaraama idhikiriim: dhambadheniyee wijayasundharaaraamaya namin wihaarayak idhikiriimata menma waththala wijayabaahu wihaaraya karawiimata dha raju dhaayaka wiya.
  • sangha sanshoodhhanaya: upasampadhaa mangalyaya yali pawathwaa sangha sanshoodhhanayak karawamin baudhdhha bhikshuun wahanseelaagee paarishudhdhhathwaya thahawuru kaleeya.
  • paerani wihaara prathisanskaranaya: kaelaniya raja mahaa wihaaraya prathisanskaranaya karawiima waeni paerani wihaarasthhaana nangaa situwiimata katayuthu kaleeya.
  • baudhdhha pothpath naewatha liyawiima: puraana baudhdhha pothpath winaasha wiimen hoo athurudhahan wiimen waelaekwiima sandahaa eewaa naewatha liyawaa sanrakshanaya kiriimata niyooga kaleeya.

urumaya

thunwana wijayabaahu rajugee wasara hatharaka raajya kaalayen pasu kristhu warsha 1236 dhii dhambadheni raajadhhaaniyee balayata path wuuyee ohugee waedimahal puth dhewana paraakramabaahu rajathumaaya.

janapriya sanskruthiya thula

2025 wasaree soomarathna dhisaanaayaka adhhyakshanaya kala 'siri paerakum' chithrapatayee paalitha silwaa thunwana wijayabaahugee charithayata pana pewiiya.