හැඳින්වීම
දෙවන පරාක්‍රමබාහු රජතුමා සිරිසඟබෝ රාජ වංශයට අයත් වූ අතර, පෙර රජ කළ තුන්වන විජයබහු රජුගේ වැඩිමහල් පුත්‍රයා විය. මායා රටේ පාලකයා ලෙස ක්‍රිස්තු වර්ෂ 1236 සිට 1270 දක්වා දීර්ඝ කාලයක් රාජ්‍ය විචාල එතුමා, ශ්‍රී ලංකා ඉතිහාසයේ දඹදෙණි යුගයේ වැදගත් රජ කෙනෙකි. දෙවන පරාක්‍රමබාහු රජතුමා බෙලිගල තිබූ දන්ත ධාතූන් වහන්සේ දඹදෙණියට වැඩමවා අති උත්කර්ෂවත් දළදා පූජාවක් පැවැත්වූ අතර, මාඝගෙන් රට මුදවා ගන්නා බවට මහජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් ද දුන්නේය. භාෂා ශාස්ත්‍ර, ආගම් ධර්මය ආදී විෂයයන් පිළිබඳ මනා නිපුනතාවයක් තිබූ නිසා මහා පඬි රුවනක් වූ එතුමා