හැඳින්වීම
පළමුවන පරාක්‍රමබාහු (මහා පරාක්‍රමබාහු; 1123–1186) ක්‍රි.ව. 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජ විය. පොළොන්නරුව තම අගනුවර කර ගනිමින්, එතුමාගේ රාජ්‍යත්වය තුලදී දිවයිනෙහි පැවති උප රාජධානි තුනම එක්සත් කිරීමට සමත් විය. තම අගනගරය පුළුල් කිරීමට හා විචිත්‍රවත් කිරීමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරයෙහි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය.