පළමුවන සේන
අනුරාධපුර රාජධානිය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 846-866

පළමුවන සේන

ක්‍රි.ව. 846 සිට ක්‍රි.ව. 866 දක්වා අනුරාධපුරයේ රජ කල පළමුවන සේන රජු, පාණ්ඩ්‍ය ආක්‍රමණයකට මුහුණ දී දැවැන්ත පරාජයක් අත්විඳි නමුත්, තම පුත්‍රයා වූ දෙවන සේනට එම අවමානයට පළිගන්නා ලෙස පොරොන්දු කරවා ගත්තේය.

ප්‍රධාන ජයග්‍රහණ

  • ක්‍රි.ව. 846 සිට 866 දක්වා අනුරාධපුර රාජධානියේ පාලනය
  • පාණ්ඩ්‍ය ආක්‍රමණයෙන් පසු රට යළි ගොඩනැගීමට උත්සාහ කිරීම
  • ලක්දිව රාජ්‍යය සම්පූර්ණයෙන් විනාශ වීමෙන් ගලවා ගැනීම සඳහා සාම ගිවිසුමක් අත්සන් කිරීම
  • සිය පුත් දෙවන සේනට පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට එරෙහිව පළිගැනීමට පොරොන්දු කරවා ගැනීම

පළමුවන සේන රජු

හැඳින්වීම

පළමුවන සේන යනු ක්‍රි.ව. 9 වැනි සියවසේ අනුරාධපුරයේ රජ කල රජකු වූ අතර, ඔහුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 846 සිට ක්‍රි.ව. 866 දක්වා පැවතුණි. ඔහු තම සොහොයුරු නවවැනි අග්ගබෝධිගෙන් පසුව අනුරාධපුරයේ රජු ලෙස පත් විය. ඔහුගේ රාජ්‍ය කාලය පාණ්ඩ්‍ය ආක්‍රමණයක් හේතුවෙන් සලකුණු වූ අතර, එය ලක්දිවට දැවැන්ත විනාශයක් ගෙන ආවේය.

රාජ්‍යාරම්භය

දෙවන දප්පුල රජුගෙන් පසු රජ වූ නවවැනි අග්බෝ රජතුමා වසර දෙකකින් මිය ගියේය. ඉනික්බිතිව, ක්‍රි.ව. 846 දී පමණ පළමුවන සේන රජතුමා අනුරාධපුරයේ සිහසුනට පත් විය.

පාණ්ඩ්‍ය ආක්‍රමණය සහ අනුරාධපුරයේ වැටීම

පළමුවන සේන රජුගේ රාජ්‍ය කාලය තුළ ලක්දිව යළිත් ද්‍රවිඩ ආක්‍රමණයකට ගොදුරු විය. මේ අවදියේ දකුණු ඉන්දියාවේ වැඩි කොටසක් ජටිල පරාන්තක නම් පාණ්ඩ්‍ය රජු විසින් යටත් කරගෙන ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා තිබුණි. මොහුගෙන් පසුව රජ වූ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු තම විජිතය වඩාත් විශාල කිරීමට අදහස් කොට ලංකාව ආක්‍රමණය කිරීමට සූදානම් විය. ඒ සඳහා විශාල සේනාවක් සහ නාවික හමුදාවක්ද ඔහු විසින් පිළියෙල කරන ලදී.

ශ්‍රී මාර රජු යටතේ ලක්දිව උතුරු වෙරළට ගොඩබට පාණ්ඩ්‍ය සේනාව ක්‍රමයෙන් අනුරාධපුරය දෙසට ගමන් කරන්නට විය. මේ සමයෙහි උතුරේ විසූ දෙමළ මිනිසුන් දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිය නෑයන්ගේ පාර්ශ්වය ගෙන ඔවුන්ගේ සේනා සමඟ එක් වූහ. සිංහල සෙනෙවියන් අතර පැවති අසමගිය නිසා සතුරු සේනාවට මුහුණ දීමට නිසි සේනා සංවිධානයක් කර ගත නොහැකි විය. වැඩි අපහසුවක් නොමැතිව ඉදිරියට ගමන් ගත් ද්‍රවිඩ සේනාව ගම් දනව් වනසමින්, කාන්තාවන් දූෂණය කරමින්, මංකොල්ල කමින් අනුරාධපුරය අසළටම ලඟා විය.

මිහිඳු නම් යුවරජු ඔවුන්ට මුහුණ දීමට එඩිතරව ඉදිරිපත් වූ නමුත් අතිවිශාල දෙමළ බලමුළුවට මුහුණ දී සටන් කිරීමට තරම් සිංහල සේනාව ප්‍රබල නොවීය. නමුත් මහත් චිත්ත ධෛර්යයකින් යුතු යුවරජු සතුරු සේනාවට මුහුණ ලා උග්‍ර සටනක් කළ නමුදු ඔහුගේ සේනාව විනාශ වී සීසීකඩ විසිර යන්නට විය. සතුරන්ට අසුවනවාට වඩා ගෞරවාන්විතව මියයෑම යෙහෙකැයි සිතු යුවරජු සියතින්ම ගෙල සිඳගත්තේය. තම ඉදිරිගමන අවහිර කළ ඉතුරු සිංහල සේනාවද පරාජය කළ දෙමළ සේනාව අනුරාධපුරයට ඇතුළු විය. රාජ මාළිගය, වෙහෙර විහාර, හා සිංහල ප්‍රධානීන්ගේ නිවෙස් ආදියද විනාශ කොට එහි වූ සියලු වස්තුව දෙමළ හේවායන් විසින් පැහැර ගන්නා ලදී. ස්ත්‍රීන් දූෂණය කරන ලද අතර, තමන්ට එදිරි වූ සියල්ලන් ඝාතනය කරන ලදී. ශතවර්ෂ බොහෝ ගණනකින් එබඳු කොල්ලයකට අනුරාධපුරය භාජනය වී නොතිබුණි.

සාම ගිවිසුම සහ රට ගොඩනැගීමේ උත්සාහය

සිය දිවි ගලවා ගැනීම සඳහා පලාගිය පළමුවෙනි සේන රජු නැව් නැඟ යාමට සූදානම්වත්ම පාණ්ඩ්‍ය රජුගේ දූතයෝ ඔහු සොයා ආහ. තම සේනාව විසින් පැහැර ගන්නා ලද සියලු වස්තුවත්, තව විශාල වන්දියකුත් ගෙවීමට එකඟ වෙතොත්, ලංකා රාජ්‍යය ආපසු භාරදී සිය සෙනග කැටිව පෙරළා තම රටට යාමට ශ්‍රී මාර රජු කැමති බව දූතයෝ දැනුම් දුන්හ. සේන රජු මෙම යෝජනාවලට එකඟ වූයෙන් විශාල යුද්ධ වන්දියක්ද රැගෙන පඬි රජු සිය සේනා රැගෙන පෙරළා සිය රට බලා පිටත්වූයේය. මේ අනුව, සම්පූර්ණ රාජ්‍යය විනාශ වීමෙන් වැළකී, පාණ්ඩ්‍ය හමුදාව ලක්දිවෙන් පිටත් විය.

පුත්‍රයාට දුන් පොරොන්දුව

යළිත් අනුරාධපුරයට පැමිණි සේන රජුට දෙමළුන් විසින් විනාශ කර දමන ලදුව අමු සොහොනක් මෙන් දිස් වූ රජ මාලිගය, විහාරාරාම ඇතුළු රජරට නැවත අලුතින් ගොඩ නඟන්නට සිදු ව තිබුණි. එනමුත් එහි පැරණි ශ්‍රී විභූතිය පෙරළා ලඟා කර ගැනීම පහසු කාර්යයක් නොවීය. සියල්ලට වඩා දෙමළ ආක්‍රමණය පරාජය කිරීමට නොහැකි වීම නිසා ජනිත වූ අවමානය රජතුමාගේ සිතට මහත් වේදනාවක් ගෙන දුන්නේය. හේ තම සිඟිති පුත්‍රයා උකුලට ගෙන මෙසේ පැවසුවේය:

“පුතේ.. උඹ නියම පිරිමියෙක් වගේ, නියම සිංහලයෙක් වගේ, කවදාහරි උඹේ මාතෘ භූමියට සහ උඹේ තාත්තට මුහුණ දෙන්න වෙච්ච මේ අවමානයේ, පරාජයේ, හා විනාශයේ පලිය ගන්න ඕන. උඹේ තාත්තා වෙනුවෙන් උඹ මේක කරන්නම ඕන. උඹ මේ මාතෘ භූමියේ අභිමානය හා රජරට ශ්‍රී විභූතිය පුනර් ස්ථාපනය කරන්න ඕන.”

කුඩා පුත්‍රයා එය ඉටු කරන බවට තම පියාට දිවුරුම් දුන්නේය. මේ අනුව, පළමුවන සේන රජු තම පුත් දෙවන සේනට අනාගතයේදී පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට එරෙහිව පළිගැනීමේ භාරදූර වගකීම පැවරීය.

අභාවය සහ අනුප්‍රාප්තිය

සිංහල ජනතාවගේ සහායයෙන් තමන්ට හැකි උපරිමයෙන් රට පෙරළා නඟා සිට වූ පළමුවන සේන රජතුමා ක්‍රි.ව 866 දී පරලෝ සැපත් විය. අනතුරුව ඔහුගේ පුත්‍රයා වූ දෙවන සේන රජු ලෙස රාජාභිෂේකය ලැබුවේය. ඔහු තම පියාට දුන් පොරොන්දුව ඉටු කරමින්, පසුව පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට එරෙහිව සාර්ථක යුද්ධයක් දියත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

palamuwana seena

kri.wa. 846 sita kri.wa. 866 dhakwaa anuraadhhapurayee raja kala palamuwana seena raju, paandya aakramanayakata muhuna dhii dhaewaentha paraajayak athwindi namuth, thama puthrayaa wuu dhewana seenata ema awamaanayata paligannaa lesa porondhu karawaa gaththeeya.

palamuwana seena raju

haendinwiima

palamuwana seena yanu kri.wa. 9 waeni siyawasee anuraadhhapurayee raja kala rajaku wuu athara, ohugee raajya kaalaya kri.wa. 846 sita kri.wa. 866 dhakwaa paewathuni. ohu thama sohoyuru nawawaeni aggaboodhhigen pasuwa anuraadhhapurayee raju lesa path wiya. ohugee raajya kaalaya paandya aakramanayak heethuwen salakunu wuu athara, eya lakdhiwata dhaewaentha winaashayak gena aaweeya.

raajyaarambhaya

dhewana dhappula rajugen pasu raja wuu nawawaeni agboo rajathumaa wasara dhekakin miya giyeeya. inikbithiwa, kri.wa. 846 dhii pamana palamuwana seena rajathumaa anuraadhhapurayee sihasunata path wiya.

paandya aakramanaya saha anuraadhhapurayee waetiima

palamuwana seena rajugee raajya kaalaya thula lakdhiwa yalith dhrawida aakramanayakata godhuru wiya. mee awadhiyee dhakunu indhiyaawee waedi kotasak jatila paraanthaka nam paandya raju wisin yatath karagena prabala raajyayak godanangaa thibuni. mohugen pasuwa raja wuu shrii maara shrii wallabha raju thama wijithaya wadaath wishaala kiriimata adhahas kota lankaawa aakramanaya kiriimata suudhaanam wiya. ee sandahaa wishaala seenaawak saha naawika hamudhaawakdha ohu wisin piliyela karana ladhii.

shrii maara raju yatathee lakdhiwa uthuru weralata godabata paandya seenaawa kramayen anuraadhhapuraya dhesata gaman karannata wiya. mee samayehi uthuree wisuu dhemala minisun dhakunu indhiyaanu dhrawida siya naeyangee paarshwaya gena owungee seenaa samanga ek wuuha. sinhala senewiyan athara paewathi asamagiya nisaa sathuru seenaawata muhuna dhiimata nisi seenaa sanwidhhaanayak kara gatha nohaeki wiya. waedi apahasuwak nomaethiwa idhiriyata gaman gath dhrawida seenaawa gam dhanaw wanasamin, kaanthaawan dhuushanaya karamin, mankolla kamin anuraadhhapuraya asalatama langaa wiya.

mihindu nam yuwaraju owunta muhuna dhiimata editharawa idhiripath wuu namuth athiwishaala dhemala balamuluwata muhuna dhii satan kiriimata tharam sinhala seenaawa prabala nowiiya. namuth mahath chiththa dhhairyayakin yuthu yuwaraju sathuru seenaawata muhuna laa ugra satanak kala namudhu ohugee seenaawa winaasha wii siisiikada wisira yannata wiya. sathuranta asuwanawaata wadaa gaurawaanwithawa miyayaema yehekaeyi sithu yuwaraju siyathinma gela sindagaththeeya. thama idhirigamana awahira kala ithuru sinhala seenaawadha paraajaya kala dhemala seenaawa anuraadhhapurayata aethulu wiya. raaja maaligaya, wehera wihaara, haa sinhala pradhhaaniingee niwes aadhiyadha winaasha kota ehi wuu siyalu wasthuwa dhemala heewaayan wisin paehaera gannaa ladhii. sthriin dhuushanaya karana ladha athara, thamanta edhiri wuu siyallan ghaathanaya karana ladhii. shathawarsha bohoo gananakin ebandu kollayakata anuraadhhapuraya bhaajanaya wii nothibuni.

saama giwisuma saha rata godanaegiimee uthsaahaya

siya dhiwi galawaa gaeniima sandahaa palaagiya palamuweni seena raju naew naenga yaamata suudhaanamwathma paandya rajugee dhuuthayoo ohu soyaa aaha. thama seenaawa wisin paehaera gannaa ladha siyalu wasthuwath, thawa wishaala wandhiyakuth gewiimata ekanga wethoth, lankaa raajyaya aapasu bhaaradhii siya senaga kaetiwa peralaa thama ratata yaamata shrii maara raju kaemathi bawa dhuuthayoo dhaenum dhunha. seena raju mema yoojanaawalata ekanga wuuyen wishaala yudhdhha wandhiyakdha raegena pandi raju siya seenaa raegena peralaa siya rata balaa pitathwuuyeeya. mee anuwa, sampuurna raajyaya winaasha wiimen waelakii, paandya hamudhaawa lakdhiwen pitath wiya.

puthrayaata dhun porondhuwa

yalith anuraadhhapurayata paemini seena rajuta dhemalun wisin winaasha kara dhamana ladhuwa amu sohonak men dhis wuu raja maaligaya, wihaaraaraama aethulu rajarata naewatha aluthin goda nangannata sidhu wa thibuni. enamuth ehi paerani shrii wibhuuthiya peralaa langaa kara gaeniima pahasu kaaryayak nowiiya. siyallata wadaa dhemala aakramanaya paraajaya kiriimata nohaeki wiima nisaa janitha wuu awamaanaya rajathumaagee sithata mahath weedhanaawak gena dhunneeya. hee thama singithi puthrayaa ukulata gena mesee paewasuweeya:

"puthee.. umba niyama pirimiyek wagee, niyama sinhalayek wagee, kawadhaahari umbee maathru bhuumiyata saha umbee thaaththata muhuna dhenna wechcha mee awamaanayee, paraajayee, haa winaashayee paliya ganna oona. umbee thaaththaa wenuwen umba meeka karannama oona. umba mee maathru bhuumiyee abhimaanaya haa rajarata shrii wibhuuthiya punar sthhaapanaya karanna oona."

kudaa puthrayaa eya itu karana bawata thama piyaata dhiwurum dhunneeya. mee anuwa, palamuwana seena raju thama puth dhewana seenata anaagathayeedhii paandya adhhiraajyayata erehiwa paligaeniimee bhaaradhuura wagakiima paewariiya.

abhaawaya saha anupraapthiya

sinhala janathaawagee sahaayayen thamanta haeki uparimayen rata peralaa nangaa sita wuu palamuwana seena rajathumaa kri.wa 866 dhii paraloo saepath wiya. anathuruwa ohugee puthrayaa wuu dhewana seena raju lesa raajaabhisheekaya laebuweeya. ohu thama piyaata dhun porondhuwa itu karamin, pasuwa paandya adhhiraajyayata erehiwa saarthhaka yudhdhhayak dhiyath kala bawa ithihaasayee sandahan wee.