දේවානම්පිය තිස්ස රජ
අනුරාධපුර රාජධානිය රාජ්‍ය කාලය: ක්‍රි.පූ. 247-207

දේවානම්පිය තිස්ස රජ

දේවානම්පිය තිස්ස රජු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අතිශයින් වැදගත් රජ කෙනෙකි. ඔහුගේ පාලන සමය තුළ බුද්ධාගම ලංකාවට පැමිණීම දිවයිනේ සංස්කෘතික හා ආගමික ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළේය.

ප්‍රධාන ජයග්‍රහණ

  • බුද්ධාගම ලංකාවට හඳුන්වා දීම
  • ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීම
  • අශෝක අධිරාජ්‍යයා සමඟ මිත්‍ර සබඳතා ගොඩනැගීම
  • විධිමත් රාජාභිෂේක ක්‍රමයක් සහ රාජකීය සංකේත ලැබීම
  • අනුරාධපුරය ප්‍රබල රාජධානියක අගනුවර ලෙස ස්ථාපිත කිරීමට මූලික වීම

දේවානම්පිය තිස්ස රජතුමා (ක්‍රි.පූ. 247-207) ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය මුල් කරගෙන රජ කළ වැදගත් පාලකයෙකි. මුලින් තිස්ස නමින් රාජ්‍යත්වයට පත් වූ මෙතුමා, පසුව දෙවන වරට රාජාභිෂේකය ලබා ‘දේවානම්පිය තිස්ස’ යන නාමය දැරීය. ‘දෙවියන්නට ප්‍රිය වූ’ යන්න මෙම නාමයේ අර්ථයයි. ඔහුගේ පාලන සමය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉතා වැදගත් වන්නේ, මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව බුද්ධාගම ලංකාවට පැමිණීම මෙම යුගයේ සිදුවීම හේතුවෙනි. මෙම ඓතිහාසික සිදුවීම දිවයිනේ සංස්කෘතික, සමාජීය හා ආගමික ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. දේවානම්පිය තිස්ස රජු පිළිබඳ මූලික තොරතුරු මහාවංශය සහ දීපවංශය වැනි දේශීය සාහිත්‍ය මූලාශ්‍රවලින් මෙන්ම දේශීය හා විදේශීය ශිලාලිපිවලින් ද ලැබේ.

මුල් කාලීන දිවිය

අනුරාධපුරයේ රාජ්‍ය කළ මුටසිව රජුගේ දෙවැනි පුත්‍රයා තිස්ස කුමරුය. මහාවංශයේ විස්තර වන පරිදි, ඔහු අනෙකුත් සහෝදරයන් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම් අතින් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා විය. ක්‍රි.පූ. 247 දී ඔහු අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් සිහසුනට පත් විය. ඔහුගේ සොයුරු මහානාග කුමරු යුවරජ ලෙස පත් කරන ලදී.

පාලන සමය සහ අශෝක අධිරාජ්‍යයා සමඟ සබඳතා

දේවානම්පිය තිස්ස රජුගේ පාලන සමය වසර 40ක් පුරා, ක්‍රි.පූ. 247 සිට 207 දක්වා පැවතුණි. මෙම කාලය දේශපාලන හා ආගමික අතින් ලක්දිව ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය. මහාවංශය විස්තර කරන්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයා සමඟ තිස්ස රජුට පෙර සිටම පැවති මිත්‍රත්වයක් පිළිබඳවයි. ඔවුන් එකිනෙකා නොදුටුවද, රාජ්‍යයන් දෙක අතර ශක්තිමත් සබඳතා පැවතුණි. රජු අශෝක අධිරාජ්‍යයා වෙත තෑගි බෝග යැවූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් අශෝක අධිරාජ්‍යයා ද තෑගි බෝග එවන ලදී. එසේම, තමා බුද්ධාගම වැළඳගත් බව දන්වා තිස්ස රජුට ද එසේ කරන ලෙස ආයාචනා කළේය.

අශෝක අධිරාජ්‍යයා සමඟ පැවති මෙම මිත්‍රත්වය හේතුවෙන් ලංකාවට සුවිශේෂී දායාද රැසක් ලැබුණි. ඒවා අතර:

  • විධිමත් රාජාභිෂේක ක්‍රමයක් සහ පංච කකුධ භාණ්ඩ ලැබීම
  • `දෙවනපිය´ වැනි ගෞරව නාමයන් ලැබීම
  • ලංකාවේ යුද හමුදාව සිවුරඟ සෙනගින් යුක්ත වීම
  • පාටලීපුත්‍ර නගරය ආදර්ශයට ගනිමින් මෙරට බලකොටු ඉදිවීම

මෙම බලපෑම් හේතුවෙන් තිස්ස රජු මෞර්ය සම්ප්‍රදායට අනුගතව ‘දේවානම්පිය’ යන කොටස තම නමට එක් කරගෙන දෙවනවරට අලංකාර මෞලි සංග්‍රහයක් පවත්වමින් තමන් පුජනීය රජ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේය.

බුද්ධාගම වැළඳගැනීම සහ මහින්දාගමනය

දේවානම්පිය තිස්ස රජුගේ හා අශෝක අධිරාජ්‍යයාගේ මිත්‍රත්වයේ උච්චතම අවස්ථාව වූයේ ලංකාවට බුදු දහම ලැබීමයි. ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරවීම අශෝක අධිරාජයාගේ පරම අභිලාෂය විය. ඒ අනුව, තම පුතණුවන් වූ මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට එවා ලක්වැසියන් බුද්ධාගමට හරවා ගැනීමට ඔහු තීරණය කළේය.

මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සිංහල ඉතිහාස කතාවල ඉතා වැදගත් ස්ථානයක් ගනී. මහාවංශයට අනුව, පොසොන් පුර පසළොස්වක දිනයක දේවානම්පිය තිස්ස රජු 40,000ක සේනාවක් සමඟ මිස්සක නම් පර්වතය අසල දඩයමේ යෙදී සිටියේය. මුවකු දැක ඌ පසුපස හඹා යමින් වන රොද තුළට පිවිසෙන විට, ඔහුට මිහිඳු හිමියන් මුණ ගැසුණි. මිහිඳු හිමියන් රජු අමතා “මහ රජ අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වෙමු. ඔබ කෙරේ උපන් අනුකම්පාවෙන් දඹදිව සිට පැමිණියෙමු” යැයි පවසා සිටියහ. තිස්ස රජුට තම මිත්‍ර අශෝක අධිරාජයා පිළිබඳ තොරතුරු සිහියට නැගුණි. මිහිඳු හිමියන් රජුගේ බුද්ධිය පරීක්ෂා කර බැලීම සඳහා ප්‍රශ්න විචාරා ධර්ම දේශනා කළ අතර, ඉන් අනතුරුව රජතුමා බුදු දහම වැළඳ ගත්තේය.

සංගණ්‍ය ස්ථානයන්

දේවානම්පිය තිස්ස රජුගේ සමයට අයත් ස්ථාන අදටත් ලංකාවේ පුජනීයත්වයෙන් වැජඹේ. විශේෂයෙන්ම,

  • මිහින්තලය: මහින්ද තෙරුන් දේවානම්පිය තිස්ස රජු හමු වූ ස්ථානයයි. අම්බස්තලය පිහිටා තිබෙන පූජනීය බිම, මිහිඳු හිමියන් රජුගේ බුද්ධිය පරීක්ෂා කළ ස්ථානය ලෙස සැලකේ. එහි ඇති ගල් ලෙන මිහිඳු හිමියන් වසර හතළිහක් වැඩ විසූ ස්ථානය වන අතර, මහාසෑය සර්වඥ ධාතු තැන්පත් කර ඇති ස්ථූපයයි.
  • ශ්‍රී මහා බෝධිය: අශෝක අධිරාජයාගේ දියණිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ලංකාවට වැඩමවන ලද ශ්‍රී මහා බෝධිය රෝපණය කර ඇත්තේ අනුරාධපුර පූජා භූමියේය. එය ලෝකයේ පැරණිම වෘක්ෂයන්ගෙන් එකක් ලෙස සැලකේ.
  • තිස්සමහා විහාරය සහ තවත් විහාර කිහිපයක් රජු විසින් කරවන ලද බව සඳහන් වුවද, ඒවායේ නියම ස්ථාන හඳුනා ගැනීමට අපහසු වී ඇත.

වැදගත්කම සහ උරුමය

දේවානම්පිය තිස්ස රජු පුරාණ ලක්දිව ඉතාමත් වැදගත් රජ කෙනෙකු ලෙස ඉතිහාසගත වේ. ඔහු බුද්ධාගම වැළඳ ගැනීම, පසු කාලීන රාජ්‍යයන් සංස්කෘතික හා ආගමික වශයෙන් ඉන්දියානු උප මහාද්වීපයට වඩා වෙනස් මගක් ගැනීමට මග හෙළි කළේය. පසුකාලීන රජවරු දේවානම්පිය තිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීම අනුරාධපුර රාජධානි සමය තුළ සිදු වූ වැදගත් සිද්ධියක් ලෙස සැලකූහ. අනුරාධපුර නගරය පූර්ව මධ්‍යතන යුගය දක්වා බලවත් රාජ්‍යයක අගනුවර ලෙස පැවතියේය.

දේවානම්පිය තිස්ස රජුගෙන් පසු පාරම්පරික පිළිවෙල අනුව ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනා වන උත්තිය හා මහා ශිවට රජකම උරුම විය.

මූලාශ්‍ර

දේවානම්පිය තිස්ස රජු පිළිබඳ තොරතුරු අධ්‍යයනයේ දී පහත සඳහන් මූලාශ්‍ර වැදගත් වේ:

  • දේශීය සාහිත්‍ය මූලාශ්‍ර: දීපවංසය, මහාවංසය, වන්සත්තප්පකාසිනිය (මහාවංශ ටීකාව)
  • දේශීය ශිලාලිපි: රජගල ලෙනකන්ද ලිපිය, මිහින්තලා පුවරු ලිපිය
  • විදේශ සාහිත්‍ය මූලාශ්‍ර: අශෝකාවදානය, දිව්‍යවදානය

dheewaanampiya thissa raja

dheewaanampiya thissa raju shrii lankaawee ithihaasayee athishayin waedhagath raja keneki. ohugee paalana samaya thula budhdhhaagama lankaawata paeminiima dhiwayinee sanskruthika haa aagamika gaman manga sampuurnayenma wenas kaleeya.

dheewaanampiya thissa rajathumaa (kri.puu. 247-207) shrii lankaawee anuraadhhapura raajadhhaaniya mul karagena raja kala waedhagath paalakayeki. mulin thissa namin raajyathwayata path wuu methumaa, pasuwa dhewana warata raajaabhisheekaya labaa 'dheewaanampiya thissa' yana naamaya dhaeriiya. 'dhewiyannata priya wuu' yanna mema naamayee arthhayayi. ohugee paalana samaya shrii lankaawee ithihaasayee ithaa waedhagath wannee, maurya wanshika ashooka adhhiraajyayaagee anugrahaya aethiwa budhdhhaagama lankaawata paeminiima mema yugayee sidhuwiima heethuweni. mema aithihaasika sidhuwiima dhiwayinee sanskruthika, samaajiiya haa aagamika gaman manga sampuurnayenma wenas kaleeya. dheewaanampiya thissa raju pilibanda muulika thorathuru mahaawanshaya saha dhiipawanshaya waeni dheeshiiya saahithya muulaashrawalin menma dheeshiiya haa widheeshiiya shilaalipiwalin dha laebee.

mul kaaliina dhiwiya

anuraadhhapurayee raajya kala mutasiwa rajugee dhewaeni puthrayaa thissa kumaruya. mahaawanshayee wisthara wana paridhi, ohu anekuth sahoodharayan atharin budhdhhimath haa yahapath haesiriim athin shreeshttathama pudhgalayaa wiya. kri.puu. 247 dhii ohu anuraadhhapuraya keendhra karaganimin sihasunata path wiya. ohugee soyuru mahaanaaga kumaru yuwaraja lesa path karana ladhii.

paalana samaya saha ashooka adhhiraajyayaa samanga sabandathaa

dheewaanampiya thissa rajugee paalana samaya wasara 40k puraa, kri.puu. 247 sita 207 dhakwaa paewathuni. mema kaalaya dheeshapaalana haa aagamika athin lakdhiwa ithihaasayee waedhagath sandhhisthhaanayak wiya. mahaawanshaya wisthara karannee maurya wanshika ashooka adhhiraajyayaa samanga thissa rajuta pera sitama paewathi mithrathwayak pilibandawayi. owun ekinekaa nodhutuwadha, raajyayan dheka athara shakthimath sabandathaa paewathuni. raju ashooka adhhiraajyayaa wetha thaegi booga yaewuu athara, iita prathichaara washayen ashooka adhhiraajyayaa dha thaegi booga ewana ladhii. eseema, thamaa budhdhhaagama waelandagath bawa dhanwaa thissa rajuta dha esee karana lesa aayaachanaa kaleeya.

ashooka adhhiraajyayaa samanga paewathi mema mithrathwaya heethuwen lankaawata suwisheeshii dhaayaadha raesak laebuni. eewaa athara:

  • widhhimath raajaabhisheeka kramayak saha pancha kakudhha bhaanda laebiima
  • `dhewanapiya´ waeni gaurawa naamayan laebiima
  • lankaawee yudha hamudhaawa siwuranga senagin yuktha wiima
  • paataliiputhra nagaraya aadharshayata ganimin merata balakotu idhiwiima

mema balapaem heethuwen thissa raju maurya sampradhaayata anugathawa 'dheewaanampiya' yana kotasa thama namata ek karagena dhewanawarata alankaara mauli sangrahayak pawathwamin thaman pujaniiya raja keneku lesa prakaasha kaleeya.

budhdhhaagama waelandagaeniima saha mahindhaagamanaya

dheewaanampiya thissa rajugee haa ashooka adhhiraajyayaagee mithrathwayee uchchathama awasthhaawa wuuyee lankaawata budhu dhahama laebiimayi. lookaya puraa budhdhha dhharmaya paethirawiima ashooka adhhiraajayaagee parama abhilaashaya wiya. ee anuwa, thama puthanuwan wuu mihindu himiyan shrii lankaawata ewaa lakwaesiyan budhdhhaagamata harawaa gaeniimata ohu thiiranaya kaleeya.

mihindu himiyangee lankaagamanaya sinhala ithihaasa kathaawala ithaa waedhagath sthhaanayak ganii. mahaawanshayata anuwa, poson pura pasaloswaka dhinayaka dheewaanampiya thissa raju 40,000ka seenaawak samanga missaka nam parwathaya asala dhadayamee yedhii sitiyeeya. muwaku dhaeka uu pasupasa hambaa yamin wana rodha thulata piwisena wita, ohuta mihindu himiyan muna gaesuni. mihindu himiyan raju amathaa "maha raja api shramana bhawath gauthamayangee shraawakayan wemu. oba keree upan anukampaawen dhambadhiwa sita paeminiyemu" yaeyi pawasaa sitiyaha. thissa rajuta thama mithra ashooka adhhiraajayaa pilibanda thorathuru sihiyata naeguni. mihindu himiyan rajugee budhdhhiya pariikshaa kara baeliima sandahaa prashna wichaaraa dhharma dheeshanaa kala athara, in anathuruwa rajathumaa budhu dhahama waelanda gaththeeya.

sanganya sthhaanayan

dheewaanampiya thissa rajugee samayata ayath sthhaana adhatath lankaawee pujaniiyathwayen waejambee. wisheeshayenma,

  • mihinthalaya: mahindha therun dheewaanampiya thissa raju hamu wuu sthhaanayayi. ambasthalaya pihitaa thibena puujaniiya bima, mihindu himiyan rajugee budhdhhiya pariikshaa kala sthhaanaya lesa saelakee. ehi aethi gal lena mihindu himiyan wasara hathalihak waeda wisuu sthhaanaya wana athara, mahaasaeya sarwagna dhhaathu thaenpath kara aethi sthhuupayayi.
  • shrii mahaa boodhhiya: ashooka adhhiraajayaagee dhiyaniya wuu sanghamiththaa mehenin wahansee wisin lankaawata waedamawana ladha shrii mahaa boodhhiya roopanaya kara aeththee anuraadhhapura puujaa bhuumiyeeya. eya lookayee paeranima wrukshayangen ekak lesa saelakee.
  • thissamahaa wihaaraya saha thawath wihaara kihipayak raju wisin karawana ladha bawa sandahan wuwadha, eewaayee niyama sthhaana handunaa gaeniimata apahasu wii aetha.

waedhagathkama saha urumaya

dheewaanampiya thissa raju puraana lakdhiwa ithaamath waedhagath raja keneku lesa ithihaasagatha wee. ohu budhdhhaagama waelanda gaeniima, pasu kaaliina raajyayan sanskruthika haa aagamika washayen indhiyaanu upa mahaadhwiipayata wadaa wenas magak gaeniimata maga heli kaleeya. pasukaaliina rajawaru dheewaanampiya thissa raju budhdhhaagama waelanda gaeniima anuraadhhapura raajadhhaani samaya thula sidhu wuu waedhagath sidhdhhiyak lesa saelakuuha. anuraadhhapura nagaraya puurwa madhhyathana yugaya dhakwaa balawath raajyayaka aganuwara lesa paewathiyeeya.

dheewaanampiya thissa rajugen pasu paaramparika piliwela anuwa ohugee baala sohoyuran dhedhenaa wana uththiya haa mahaa shiwata rajakama uruma wiya.

muulaashra

dheewaanampiya thissa raju pilibanda thorathuru adhhyayanayee dhii pahatha sandahan muulaashra waedhagath wee:

  • dheeshiiya saahithya muulaashra: dhiipawansaya, mahaawansaya, wansaththappakaasiniya (mahaawansha tiikaawa)
  • dheeshiiya shilaalipi: rajagala lenakandha lipiya, mihinthalaa puwaru lipiya
  • widheesha saahithya muulaashra: ashookaawadhaanaya, dhiwyawadhaanaya