පළමුවන බුවනෙකබාහු රජ
දඹදෙණිය-යාපහුව රාජවංශය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 1272-1284

පළමුවන බුවනෙකබාහු රජ

ක්‍රි.ව. 1272 සිට 1284 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ පළමුවන බුවනෙකබාහු රජු, යාපහුව බලකොටුව සිය රාජධානිය කරගනිමින්, අභියෝග මධ්‍යයේ වුවද රාජ්‍ය කටයුතු මෙහෙයවීය.

ප්‍රධාන ජයග්‍රහණ

  • ක්‍රි.ව. 1272 දී ශ්‍රී ලංකාවේ සිංහාසනයට පත්වීම
  • යාපහුව බලකොටුව ප්‍රධාන රාජධානිය ලෙස යොදා ගනිමින් රාජ්‍ය පාලනය කිරීම
  • බෞද්ධ ශාසනය රැකගැනීම සඳහා වාර්ෂික උපසම්පදා උත්සව පැවැත්වීම

පළමුවන බුවනෙකබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1272 දී ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් විය. එතුමා බෝසත් විජයබාහු හෙවත් හතරවන විජයබාහු රජතුමාගේ අභාවයෙන් පසු සිංහාසනයට පත් වූ අතර, ඔහුගේ පාලන සමය වසර 12 ක් පුරා ක්‍රිස්තු වර්ෂ 1284 දක්වා පැවතුණි.

රාජ්‍යත්වයට පත්වීම සහ යාපහුව රාජධානිය

පළමුවන බුවනෙකබාහු රජු සිංහාසනාරූඪ වීමෙන් පසු, මීට පෙර රජවරුන් මෙන් නොව, යාපහුව බලකොටුව වෙත ගොස් එය සිය ප්‍රධාන රාජධානිය ලෙස ස්ථාපිත කරගෙන එතැන් සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය. මෙම තීරණය එකල පැවති දේශපාලනික හා ආරක්ෂක අභියෝගයන්ට මුහුණදීම සඳහා ගත් උපායමාර්ගික පියවරක් විය.

රාජ්‍ය පාලනය සහ අභියෝග

පළමුවන බුවනෙකබාහු රජුගේ පාලන සමය තුළ ඔහුට විවිධ අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. බෝසත් විජයබාහු රජුට පක්ෂපාතීව සිටි වන්නි නායකයින් ඔහුගේ පාලනයට එරෙහිව නැගී සිටි අතර, උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද රජුට ප්‍රබල තර්ජනයක් විය. මෙම අභියෝග මධ්‍යයේ වුවද රජු සාමකාමීව හා ස්ථාවරව රාජ්‍ය පාලනය කරගෙන යාමට උත්සාහ කළේය.

ඔහුගේ රාජ්‍ය සමයේදී බෞද්ධ ශාසනයට විශේෂ අවධානයක් යොමු කරන ලදී. රජු වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පවත්වා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කළේය.

දළදා වහන්සේ පැහැරගැනීම සහ රජුගේ අභාවය

ක්‍රිස්තු වර්ෂ 1284 දී පළමුවන බුවනෙකබාහු රජු අභාවප්‍රාප්ත විය. ඔහුගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදු විය. මෙකල පාණ්ඩ්‍ය රජු වූ කුලසේකරගේ ආර්ය චක්‍රවර්ති නම් ඇමතිවරයා විශාල හමුදාවක් රැගෙන යාපහුව වටලා, දළදා වහන්සේ පැහැරගෙන ගිය බව මහා වංශයේ දෙවන කොටසේ සඳහන් වේ. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

රාජ්‍යත්වයෙන් පසු

පළමුවන බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු වසර තුනක පමණ අරාජික කාලයක් ශ්‍රී ලංකාවේ පැවතුණි. මෙම අස්ථායී කාලයෙන් අනතුරුව තුන්වන පරාක්‍රමබාහු රජතුමා සිංහාසනයට පත් විය.

palamuwana buwanekabaahu raja

kri.wa. 1272 sita 1284 dhakwaa shrii lankaawa paalanaya kala palamuwana buwanekabaahu raju, yaapahuwa balakotuwa siya raajadhhaaniya karaganimin, abhiyooga madhhyayee wuwadha raajya katayuthu meheyawiiya.

palamuwana buwanekabaahu rajathumaa kristhu warsha 1272 dhii shrii lankaawee raajyathwayata path wiya. ethumaa boosath wijayabaahu hewath hatharawana wijayabaahu rajathumaagee abhaawayen pasu sinhaasanayata path wuu athara, ohugee paalana samaya wasara 12 k puraa kristhu warsha 1284 dhakwaa paewathuni.

raajyathwayata pathwiima saha yaapahuwa raajadhhaaniya

palamuwana buwanekabaahu raju sinhaasanaaruudda wiimen pasu, miita pera rajawarun men nowa, yaapahuwa balakotuwa wetha gos eya siya pradhhaana raajadhhaaniya lesa sthhaapitha karagena ethaen sita raajya katayuthu meheyawiiya. mema thiiranaya ekala paewathi dheeshapaalanika haa aarakshaka abhiyoogayanta muhunadhiima sandahaa gath upaayamaargika piyawarak wiya.

raajya paalanaya saha abhiyooga

palamuwana buwanekabaahu rajugee paalana samaya thula ohuta wiwidhha abhiyooga raesakata muhuna dhiimata sidhu wiya. boosath wijayabaahu rajuta pakshapaathiiwa siti wanni naayakayin ohugee paalanayata erehiwa naegii siti athara, uthuree pela gaesemin siti naayaakayin dha rajuta prabala tharjanayak wiya. mema abhiyooga madhhyayee wuwadha raju saamakaamiiwa haa sthhaawarawa raajya paalanaya karagena yaamata uthsaaha kaleeya.

ohugee raajya samayeedhii baudhdhha shaasanayata wisheesha awadhhaanayak yomu karana ladhii. raju waarshika upasampadhaa uthsawa aadhiya pawathwaa budhdhha shaasanayee chirasthhithiya wenuwen katayuthu kaleeya.

dhaladhaa wahansee paehaeragaeniima saha rajugee abhaawaya

kristhu warsha 1284 dhii palamuwana buwanekabaahu raju abhaawapraaptha wiya. ohugee maranayen pasu shrii lankaawata thawath dhaewaentha abhiyoogayakata muhuna dhiimata sidhu wiya. mekala paandya raju wuu kulaseekaragee aarya chakrawarthi nam aemathiwarayaa wishaala hamudhaawak raegena yaapahuwa watalaa, dhaladhaa wahansee paehaeragena giya bawa mahaa wanshayee dhewana kotasee sandahan wee. mema sidhuwiima shrii lankaawee ithihaasayee waedhagath sandhhisthhaanayak sanituhan kaleeya.

raajyathwayen pasu

palamuwana buwanekabaahu rajugee maranayen pasu wasara thunaka pamana araajika kaalayak shrii lankaawee paewathuni. mema asthhaayii kaalayen anathuruwa thunwana paraakramabaahu rajathumaa sinhaasanayata path wiya.